තෙරුන්නාන්සේ ගම තුනකම ග්‍රාමනිලධාරී වසමේ පිහිටි ගමකි. මෙම ග්‍රාමනිලධාරී වසම අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටය. ථේර පුත්තාභය යෝධ තෙමේ ගිහිගෙයින් නික්ම සසුන් ගතව වැඩ විසු විහාරය මුල්කරගෙන ගොඩනැගුන ගම මෙය හෙයින් මේ ගම තෙරුන්නාන්සේ ගම නම් වී ඇත.

හංස ,මයුර ,කෝකිල සහ තරු යන කුඩා කණ්ඩායම් වලින් සැදුම්ලත් සැප් ශ්‍රී නවමිනි ග්‍රාමීය සංවිධානය සාමාජිකාවන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.  මෙහි සාමාජිකයින් 09 දෙනෙකු සඳහා 2015 දෙසැම්බර් මස සැප් ශ්‍රී ආයතනයෙන් රුපියල් 965,000.00 ණය මුදලක් ලබාගෙන තම ආදායම් මාර්ග වැඩිදියුණු කරගෙන ඇත.

ඒ අතර සන්ද්‍යා කුමුදිනී මහත්මිය තම වඩු කර්මාන්තය සඳහා යන්ත්‍රයක් මිලදීගෙන තම ව්‍යාපාර කටයුතු පුළුල් කරගෙන ඇත . දීපා චලනි ප්‍රියංගික අන් අයගේ කෙසෙල් වතුවල වැඩකළ කෙනෙක් ඇයට දැන් තමාගේම කෙසෙල් වත්තක් තියෙනවා. සංවිධානයෙන් ණය මුදලක් අරන් තමයි ඇය  ගොඩනැගීම පටන් ගත්තේ. ලලිතා මහත්මිය වී කොටන මෝලක් පටන් ගත්තා .නිලානි සහ රසිකා පොල් සහ කෙසෙල් වෙළඳාම කරගෙන යනවා.

ගමේ අසරණ පවුල් වලට විවිධ බාහිර ආයතන සම්බන්ධ කරගෙන උදව් උපකාර අරන් දෙන්නත් මෙම සංවිධානය සමත්වෙලා තියෙනවා  පෙර පාසල් ළමයිට සපත්තු නොමිලේ ලබාදීම එක් උදාහරණයක්.සැප් සාමාජිකයින් සඳහා ටී ෂර්ට් ලබාදීමෙන් ඔවුන් තුල සැප් ආයතනය පිළිබඳව අභිමානයක් ගොඩනැගීම ඉතා අගනේය.

වෙසක් උත්සව ,අවුරුදු චාරිත්‍ර  ආදිය පවත්වමින් ආගමික හා සංස්කෘතික කටයුතුවල නිරත වෙමින් විශාල සමාජ මෙහෙවරක් ඉටුකරන යහපත් මිනිසුන්ගේ නිහඬ  සුන්දර සාමකාමී ගමනක හඬ අවදි කිරීමට මේ සටහන තබමි.